SBS Sinhala-logo

SBS Sinhala

SBS (Australia)

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Location:

Sydney, NSW

Description:

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

Language:

Sinhala

Contact:

SBS Radio Sydney Locked Bag 028 Crows Nest NSW 1585 Australia (02) 9430 2828


Episodes
Ask host to enable sharing for playback control

Tips to reduce petrol costs | Fuel in Focus - ඔස්ට්‍රේලියාවේදී ඉන්ධන සඳහා වැයවන මුදල් ප්‍රමාණය ඉතිරි කරගන්න ඔබ මේ ක්‍රම අත්හදා බැලුවාද?

5/13/2026
Rising fuel prices are putting pressure on household budgets across Australia, and for many people, it’s changing the way they travel. So what can you do to reduce your fuel costs without giving up your daily routine? Here are some simple, practical ways to save money on petrol. - අපේ දෛනික ජීවිතය වෙනස් නොකර ඉන්ධන වියදම් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද? මෝටර් රථ ඉන්ධන සඳහා වැයවන මුදල් ඉතිරි කරගැනීමට පහසු සහ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් පිළිබඳව සොයා බලන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉහළ යන ජීවන වියදම්වලට ඔස්ට්‍රේලියානුවන් අනුගත වන ආකාරයද අපි මෙහිදී සොයා බලනවා.

Duration:00:08:39

Ask host to enable sharing for playback control

ඔස්ට්‍රේලියාවේ අලුත් අයවැයෙන් නිපුණතා සංක්‍රමණිකයින්ට PR ගන්න වැඩි අවස්තාවක් දෙනවද?

5/13/2026
ෆෙඩරල් අයවැය යෝජනා වලට අනුව වසරකට ඔස්ට්‍රේලියාවට ලබා ගන්නා ස්ථිර සංක්‍රමණිකයින් ගණන 185,000ක් ලෙස තව දුරටත් පවත්වාගෙන යන්න යෝජනා වෙලා තිබෙනවා . මේ අතරින් 70%කට වැඩි ප්‍රමාණයක් නිපුනතා සහිත සංක්‍රමණිකයින්ට වෙන් කරන්නයි රජය සැලසුම් කරලා තියෙන්නේ. එනම් ඔස්ට්‍රේලියාවට දැන් අවශ්‍ය වෙන්නේ වැඩි දක්ෂතා තියෙන, හොඳ අධ්‍යාපනයක් තියෙන, තරුණ සහ රටේ ශ්‍රම බලකායට ඉක්මනින් එකතු වෙන්න පුළුවන් සංක්‍රමණිකයින්. මේ නව යෝජනා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගන්න සූදානම් වන ඔබට සිදුවන බලපෑම සහ ඔබ දැනගත යුතු කාරණා කිහිපයක් ගෙන එන්න අපි මේ විශේෂාංගයෙන් බලාපොරොත්තු වෙනවා.

Duration:00:06:14

Ask host to enable sharing for playback control

ලොව වටා: ඇමරිකා සහ චීන බලවතුන් අතර හමුවක් , ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ඉන්දීය අගමැති ඉල්ලයි

5/13/2026
මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.

Duration:00:10:00

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: 'වෙනස්කම් යටතේ සංක්‍රමණික ප්‍රජාවට ව්‍යාපාර ඇරඹීම පහසු වනවා' - කුඩා ව්‍යාපාර කටයුතු ඇමතිනි

5/13/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 14වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:17

Ask host to enable sharing for playback control

අපේ වහරේ කතා අහුරක්: ඈ මුදලාලි! එතකොට මං සියඹලා ගෙනල්ලාම නැද්ද?

5/13/2026
අපේ වහරේ එන රස කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ සියඹලා විකුණා ගන්න ගිහිං අමාරුවෙ වැටුණ ගැමියාගේ කතාව.

Duration:00:03:46

Ask host to enable sharing for playback control

● ස්ථිර පදිංචි ලකුණු ක්‍රමයට වෙනස්කම් ● මෙඩිකෙයාර් සීමා ඉහළට ● නිවාස දේපළ බදු සංශෝධනයට - මෙන්න අයවැයෙන් සහන ලබන හා පාඩු ලබන අය

5/13/2026
ඔස්ට්‍රේලියාවේ පාලක කම්කරු පක්ෂයේ පස්වන අයවැයෙන් යෝජනා කර ඇති බදු සහ ප්‍රතිපත්ති වෙනස්කම් මොනවා ද? SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාවේ ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා ගෙන ආ අයවැය යෝජනා පිළිබඳ ගෙන එන මේ විග්‍රහයට සවන් දෙන්න.

Duration:00:11:10

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: නිපුණතා සහිත කාර්මික අංශයේ සංක්‍රමණික සේවකයින්ට මෙවර අයවැයෙන් වැඩි අවස්ථාවක්

5/12/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:28

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ 400,000ක් පමණ සීලියැක් රෝගයෙන් පෙළුනත් රෝග විනිශ්චයක් ලබන්නේ සියයට 20යි

5/12/2026
සියයට 70ක් පමණ ඕස්ට්‍රේලියානුවන් සීලියැක් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව වෙස්ලි රිසර්ච් ආයතනය හෙළි කරනවා. ලෙබනන් සම්භවයක් ඇති තරුණ ඔස්ට්‍රේලියානු කාන්තාවක් අමුතු වැඩක් අරඹා තිබෙනවා. සීලියැක් රෝගයේ ඇගේ අත්දැකීමත් සමඟ අනෙක් අයව දැනුවත් කරන්න ඇය පෙළඹිලා. ඒ නිර්මාණශීලී අයුරින්. සීලියැක් රෝගය පිළිබඳව වැඩි අවබෝධයකින් යුත් ප්‍රජාවක් දැකීමයි ඇගේ බලාපොරොත්තුව. අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Duration:00:06:53

Ask host to enable sharing for playback control

ඔස්ට්‍රේලියානු ආර්ථිකය නැවත ගොඩනැගීමේ දුෂ්කර මාර්ගය තෝරාගත් අයවැයක් ලෙස හඳුන්වාදෙමින් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අයවැය යෝජනා ඉදිරිපත් කරයි

5/12/2026
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ භාණ්ඩාගාරික ජිම් චාමර්ස් අය වැය ඉදිරිපත් කිරීම අද සිදුකලා. දුෂ්කරවූ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට වැඩි අවධානයක් යොමුකරන අයවැයක් ලෙස මේ අයවැය ඔහු හඳුන්වා දුන්නා. රාජ්‍ය විදම් අවම කිරීමට මේ අයවැයේදී කටයුතු කර ඇති බව ලේබර් රජය පවසනවා. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු මහබැංකු ප්‍රධානි මිෂෙල් බුලොක් සහ ආර්ථික විශේෂඥයින් රාජ්‍ය වියදම් අවම කිරීම ඉතා වැදගත් බවත් එසේ නොවුනහොත් උද්ධමනය තවදුරටත් ඉහල යා හැකි බවටත් මින් පෙර අනතුරු අඟවා තිබුනා. මේ හේතුවෙන් වියදම් සීමා කෙරෙන අයවැයක් ලෙස මේ හඳුන්වා දෙන්න ලේබර් රජය කටයුතු කරන බව පෙන්නේනට තිබෙනවා. මේ අයවැයේදී ඉදිරිපත්වූ යෝජනා ගැන වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Duration:00:09:05

Ask host to enable sharing for playback control

අද ඉදිරිපත් කරන ඔස්ට්‍රේලියාවේ අයවැයෙන් සහන ලැබෙයි ද නැත්නම් බදු වැඩි වෙයි ද? - ආචාර්ය බුද්ධික ගමගේ ගෙනෙන විග්‍රහයක්

5/12/2026
ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය අද සිය ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පිළිබඳ SBS සිංහල සේවය සමග ඔස්ට්‍රේලියාවේ ආර්ථික උපායමාර්ග සහ සේවා පිළිබඳ සහතික ලත් සංවර්ධක ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආචාර්ය බුද්ධික ගමගේ මහතා සිදු කල පූර්ව විශ්ලේශණයට සවන් දෙන්න.

Duration:00:08:38

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: මගී නෞකාවකදී හන්ටා වයිරස පැතිරීමේ තත්වයකට මුහුණ දුන් ඔස්ට්‍රේලියානුවන් පිරිස පර්ත් නුවරට ගෙන්වා ගනී

5/11/2026
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 12වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:21

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ලිබරල් පක්ෂය අභිබවමින් පෝලින් හැන්සන්ගේ 'One Nation' පක්ෂය ලබන ජයග්‍රහණ වලට හේතුව කුමක් ද?

5/11/2026
පෝලින් හැන්සන් මන්ත්‍රීවරිය නායකත්වය දරන 'One Nation' පක්ෂය වර්තමානය වන විට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පක්ෂවලට විශාල අභියෝගයක් බවට පත්වෙමින් ඉන්නවා. පසුගියදා පවතී මැතිවරණයකදී ඔවුන් ලිබරල් පක්ෂයේ ප්‍රබල ආසනයක් වන Farrer ආසනය ජයග්‍රහණය කරන්නට සමත් වනවා. මේ ලබපු සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

Duration:00:05:35

Ask host to enable sharing for playback control

පිරිමින්ට සියදිවි නසා ගැනීමට හිතෙනවා වැඩි ද?

5/11/2026
පුරුෂ මානසික සෞඛ්‍යය සහ සියදිවි නසා ගැනීමේ අවදානම් පිළිබඳව මනෝ වෛද්‍ය රෙජිස්ට්‍රා චමීර වීරසේකර SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

Duration:00:09:13

Ask host to enable sharing for playback control

මව්බිමෙන් පුවත්: මහඇමති විජේට ජනපති අනුරගෙන් සුබ පැතුම් / මහින්ද රාජපක්ෂ හෙට අල්ලස් කොමිසමට

5/10/2026
ගෙවුණු සතිඅන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ උණුසුම් හා වැදගත් පුවත් සම්පිණ්ඩනය. SBS සිංහල සේවය වෙනුවෙන් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ගෙන එන ‘මව්බිමෙන් පුවත්’ විශේෂාංගය.

Duration:00:08:39

Ask host to enable sharing for playback control

SBS සිංහල පුවත්: ෆාරර් බලය වන් නේෂන් පක්ෂයට, වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්

5/10/2026
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මැයි මස 11වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.

Duration:00:05:03

Ask host to enable sharing for playback control

කාලීන විග්‍රහය: ඩිජිටල් සිට ඇනලොග් වෙත යන Gen Z පරපුර ස්මාර්ට් ලෝකය එපා කියමින් පැරණි උපාංග වැළඳ ගන්නා ලකුණු

5/10/2026
Gen Z, තාක්ෂණික යුගයේ හැදී වැඩෙන පරම්පරාවයි. මේ ඩිජිටල් යුගයේ ඔවුන් ඇනලොග් උපාංග කරා ආපසු ගමන් කරන බවක් ඔබ සිහිනෙකින්වත් සිතුවද? කැසට්පට, VHS පට, පැරණි පොකැට් රේඩියෝ යන්ත්‍ර සහ බොත්තම් ඇති දුරකතන වැනි දේ ගැන ප්‍රියතාවක් දක්වන තරුණ පරම්පරාවක් සමහර විට ඔබේ ඇස ගැසී ඇති. ගීතවලට සවන් දෙන්න ස්මාර්ට් දුරකතනයේ යෙදවුමක් වෙනුවට ඔවුන් සොයන්නේ වෙනම උපාංගයක්. මේ නිසාම යුගයකට අයත්ව අමතක කළ උපාංගවලට නව වටිනාකමක් එක් වෙලා. තමන් නූපන් යුගයක තාක්ෂණයක් භාවිත කරන්න Gen Z පරපුර පෙළඹුණේ ඇයි? අද කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

Duration:00:07:23

Ask host to enable sharing for playback control

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මැයි 04 - මැයි 08

5/8/2026
මැයි 04වන දා සිට මැයි 08වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.

Duration:00:06:24

Ask host to enable sharing for playback control

මව්වරුන්ගේ දින විශේෂාංගය: ඔබේ දරුවාගේ සමීපතම විශ්වාසදායක මිතුරා ඔබ ද නැතිනම් ස්මාට් ෆෝන් එක ද?

5/8/2026
සෑම වසරකම මැයි මස දෙවන ඉරු දිනය මව්වරුන්ගේ දිනය ලෙස ඔස්ට්‍රේලියාවේ දීත් ශ්‍රී ලංකාවේ දීත් සැමරෙනවා. දිනෙන් දින දියුණු වෙන තාක්ෂණය සමග හැදී වැඩෙන දරුවන් සහිත මව්වරුන් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ ද? මෙල්බර්න්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වේතකී මුණසිංහ මේ සම්බන්ධයෙන් SBS සිංහල සමග කළ කතා බහට සවන් දෙන්න.

Duration:00:09:49

Ask host to enable sharing for playback control

වෙසක් සැමරුම් අසිරියෙන් ඇඩිලේඩ් නුවර ඒකාලෝක වෙන්නේ මෙන්න මෙහෙමයි

5/8/2026
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳ SBS සිංහල සේවයේ දකුණු ඔස්ට්‍රේලියා වාර්තාකාරිය කුමුදිණි සිල්වා ගෙනෙන මේ විශේෂාංගයට සවන් දෙන්න.

Duration:00:03:32

Ask host to enable sharing for playback control

තරුෂි එක්ක තරු කතා: සමාජයේ අපිට වඩා වැරදි කරන කට්ටිය සද්ද නැතිව ඉද්දි අපේ පොඩි වැරැද්දත් ලොකු කරලා පෙන්නනවා -‌ දිල්හානි ඒකනායක

5/8/2026
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.

Duration:00:08:21